The Best
Facebook Gaming Community
In Sri Lanka

Read Rules

Share Your Experience
Contribute to The Community

24 000+

Gamers
From Worldwide

24/7

Content & Behaviour
Moderation

All Platforms

PCMR, Console
But No Mobile

We Are the Home for
Sri Lankan Gamers

The Sri Lankan Gaming Alliance is the premier platform for information, inspiration, and collaboration in Video Games. Connecting members worldwide, the Sri Lankan Gaming Alliance empowers the players and content creators who are passionate about all things gaming-related!

Group
Rules & Guidelines

Please Read All The Rules
Before Joining with Your SLGA Journey

1. අනුමත වීඩියෝ ක්‍රීඩා මාධ්‍යයන්
Allowed Gaming Platforms

PC , Playstation , Xbox, Switch Gaming Platforms හතරට අදාල වීඩියෝ ක්‍රීඩා/දෘඪාංග/මෘදුකාංග වලට අයත් නොවන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම මේ සමූහය තුල සම්පූර්ණයෙන්ම තහනම් වේ!

2. ක්‍රියාකාරී සමූහයක් පවත්වාගෙන යාම.
Active Engaging Community Environment

තමන්ගේ Gaming Content (Live Streams, Pages, YouTube Videos) පමණක් පලකර, ඒවා Promote කරන ආත්මාර්ථකාමී සාමජිකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමු!

3. අසබ්‍ය නොවන, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වලින් තොර අන්තර්ගතයක් පවත්වාගෙන යාම හා නිවැරදි භාෂා භාවිතය
No NSFW Content, No Cursing/Swearing & No Drug References

18+ වීඩියෝපට/ඡායාරූප (Full Nude/Half Nude) පළ කිරීම, කිසිම භාෂාවකින් කුනුහරප අඩංගු posts, comments පළ කිරීම, කුනුහරපයෙන් ඇමතීම සහ මත්පැන්, සිගරට් හැර ගංජා ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය සම්බණ්ධව directly හෝ indirectly සඳහන් වන කිසිම දෙයක් පළ කිරීම තහනම්.

4. Spoilers අඩංගු දෑ පල කිරීම තහනම්.
No Spoilers

Game එකක්, විශේෂයෙන්ම AAA කාණ්ඩයට අයිති game එකක්, නිකුත් වීමෙන් සති 3-4 යනතුරු කිසිම spoiler එකක් පල කිරීම නොකළ යුතුය. මෙම නීතිය බොහෝවිට අදාල game එක අනුව සුළු සුළු වෙනස්වීම් වලට ලක්වන බැවින් ඒ පිළිබඳව අපි අදාල game එක release වීමට දවස් කිහිපයකට පෙර දැනුවත් කිරීමට වග බලා ගන්නෙමු. එසේ යම්කිසි game එකක් වෙනුවෙන් අප මෙම නීතිය වෙනස් කළේද නැද්ද යන වග, group එකෙහි announcements tab එකට පිවිසීමෙන් පහසුවෙන් දැනගත හැකිය.

5. තමාට අනන්‍ය වූ In-game screenshots
In-Game Screenshots Must Be Unique

හැකි තරම් තමන්ටම අනන්‍ය වූ screenshots ලබා ගැනීමට උත්සාහ කරන්න. Photo mode එකක් හෝ HUD එක ඉවත් කළ හැකි games වල, විශේෂ හේතුවකට (easter eggs, important story related details... etc) හැර, cutscenes අතරතුරදී ලබා ගත් screenshots *නිකරුනේ* පළ කිරීම නොකළ යුතුය. මෙය ඔබගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමට සහ එකම screenshot එක කිහිප දෙනෙක් පළ කිරීම වැළැක්වීම සඳහා පනවා ඇත.

6. එකම දෑ වරින් වර පළ කිරීමෙන් වළකින්න.
No Repetitive Content — Memes, News, Posts

ඔබ යමිකිසි 3rd Party Content එකක්/meme එකක්/news එකක් පළ කිරීමේදී, එය, ඊට පෙර වෙන කෙනෙකු විසින් පල කර ඇත්නම්, ඔබේ post එක ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.

7. පහත සඳහන් දේවල් මෙම group එක තුළ තහනම් වේ.
The Following Topics & Actions Are Prohibited

  1. සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය හානිවන හා සමූහයේ එකමුතු කම බිඳී යන ආකාරයේ කරුණු පළ කිරීම හා සාකච්ඡා කිරීම.
  2. Spam කිරීම
  3. තමන්ගේ content promote කර ගැනීමට සහය දක්වන්න යැයි නොනවත්වා ඉල්ලා සිටීම (Begging)
  4. පුද්ගලික මඩ ගැසීම් (Personal attacks)
  5. ඉහත සඳහන් 2 වෙනි නීතිය පිටින් සිදු කරන වෙළඳ දැන්වීම් (Advertising)

8. මීට අමතරව ගැටුම් ඇති කරන අනෙකුත් දෑ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනු ලැබේ.
Any Other Action That Causes Problems Will Be Dealt With As Necessary.

මෙහි සඳහන් කර නොතිබූ පමණින් ඔබට සිතෙන ඕනෑම දෙයක් කිරීමට අවසර නැත. ගැටුම් ඇති වන කරුණු සහ ඍණාත්මක දේවල් පළ කිරීම හැකිතාක් අවම කරන්න.
ඉහත සඳහන් කළ ආකාරයේ අවස්ථාවන් ඇති වුවහොත්, එම සෑම අවස්ථාවක්ම ඇඩ්මින් මඩුල්ල විසින් එකින් එක විමසා බලා (Judge), වරදේ ස්වාභාවය අනුව අවශ්‍ය සුදුසු තීරණ ගනු ලැබේ.

9. ඔබගේ Post එක Publicද?
Is Your Post Public & Visible?

ඔබ විසින් යම්කිසි post එකක් group එකට share කිරීමේදී (Facebook share option එක මගින්), එම අදාල post එකේ privacy settings “Public” ලෙස සකස් කළ යුතුය. නැතිනම් ඔබේ post එක අප හට නොපෙන්වන නිසා, එය decline කිරීමට සිදු වේ.

10. පැමිණිලි කිරීම.
Reporting Posts

Group එකේ පළවන posts පිළිබඳව ඔබට ගැටලුවක් පවතී නම් “Report post to group admins” යන option එක භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. නැතහොත් අදාල ස්ථානයේ admin කෙනෙකු tag කිරීමට හෝ Messenger හරහා සම්බන්ධ කර ගැනීමට වග බලාගන්න.